බැංකුව හා ගිවිසුම්ගත පුද්ගලික සමාගමක් විසින් වන අතර එම සමාගමට අයත් රියදුරා ආරක්ෂක නිලධාරීයා ඇතුලු අය මුදල් රැගෙන ගිය වෑන් රථය වෙළෙඳසැලක් අසළ නවතා මුදල් තැන්පතුවට යාමට ප්රථම අහාර ගනිමින් සිටිය දී ජීප් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් ඔවුන්ට මිරිස් කුඩු ප්රහාරයක්
කෙසේ වෙතත් මේ ගැන සිදු කළ පරීක්ෂණ අනුව වෑන් රථයේ පැමිණි ආරක්ෂක නිලධාරියා කොල්ලකෑම සිදුවන අවස්ථාවේ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි වන ආකාරයට ඔහුගේ ගිනි අවිය බැහැර කර තිබූ බව හෙළිව තිබේ.
එම සැකය නිසා සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ පෞද්ගලික සමාගමට අයත් රියදුරා සහ ආරක්ෂක නිලධාරීයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්වයංක්රීය ටෙලර් යන්ත්රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් මිලියන20 කට අධික මුදලක් මෙම කොල්ලය නිසා අහිමි විය.
පොලීසිය පැවසුවේ කොල්ලකෑමට ආධාර අනුබල දීම මත සැක පිට අත්අඩංගුවට ගත් අය ඔස්සේ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇති බවයි.