බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියන රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසය වසා දමන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය පසුගියදා නියෝග කළාය.

මෙම බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියන රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසය වසා දමන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය පසුගියදා නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ පරිවාස කාර්යාලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

අදාළ ළමා නිවාසයේ සිටි දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක්වීම

සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නඩු 42ක්ද අනුබල දීම යටතේ එහි පාලක ලෙස කටයුතු කළ හිමි නමට එරෙහිව නඩු පවරා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් එම ළමා නිවාසයේ වෙසෙන 16 වියැති ළමුන් දෙදෙනෙකු, එහි සිටි වැඩි වයස් දරුවන් පස් දෙනෙකු, එම ළමා නිවාසයට අනුබද්ධිත පිරිවෙනේ ඉගෙනුම ලබන හිමිවරුන් දෙදෙනෙකු හා එහි පාලක හිමියන් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

මෙම ළමා නිවාසයේ දරුවන් 36 දෙනෙකු පමණ රැදී සිටි අතර ඉන් දරුවන් 21 දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.ද්ධියට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ පරිවාස කාර්යාලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය

මෙම නියෝගය නිකුත් කළාය.

අදාළ ළමා නිවාසයේ සිටි දරුවන් 21 දෙනෙකු අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව නඩු 42ක්ද අනුබල දීම යටතේ එහි පාලක ලෙස කටයුතු කළ හිමි නමට එරෙහිව නඩු පවරා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් එම ළමා නිවාසයේ වෙසෙන 16 වියැති ළමුන් දෙදෙනෙකු, එහි සිටි වැඩි වයස් දරුවන් පස් දෙනෙකු, එම ළමා නිවාසයට අනුබද්ධිත පිරිවෙනේ ඉගෙනුම ලබන හිමිවරුන් දෙදෙනෙකු හා එහි පාලක හිමියන් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

මෙම ළමා නිවාසයේ දරුවන් 36 දෙනෙකු පමණ රැදී සිටි අතර ඉන් දරුවන් 21 දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
රස්නායකපුර පොලීසිය විසින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.