ධාවන බලපත්‍රයක් ලබාදීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08 කට වරදකරුවූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු ධාවන කළමනාකරුවෙකුට වසර 40 ක සිර දඩුවම් නියම කර තිබේ.
එම දඩුවම
ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක් සහ ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 10,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.
එමෙන්ම බස්රථ හිමිකරුට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර ඇත.
2015 වසරේදී සිදුවූ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් එම දඩුවම නියම කර තිබිණි.