දින සති බවට පෙරළී යද්දී දහඅට හැවිරිදි මේ සුරූපිනිය හා අලුතින් වෑඩට පැමිණි කඩවසම් තරුණයා අතර ඇති වූ මිතුදම් ප්‍රේමයක් බවට පෙරළී ගියේ දෙදෙනාටම නොදැනය. "මට ඔයාව නිතරම මතක් වෙනවා. ඇය ඔහුට කීවාය. "මටත් එහෙමයි.” ඔහු ඇයට කීවේ ප්‍රේම දැලේ පැටලී සිටින මොහාතකය.
"බෑ බෑ මට දැන් ඔයා නැතුව බෑ. මාව කොහේ හරී එක්කගෙන යන්න. සම්බෝලයි බතුයි කාලා හරී ජීවත් වෙමු.” ඇයගෙන් ඔහුට බේරීයාමට නොහැකි විය.
ගෙදරටත් හොරා තරුණායා තරුණිය එක්ක පැනගීයේ ඔය අතරය. තරුණියගේ මව යක්කලමුල්ල පොලිසියට පැමිණිල්ලක් කළේ ඊට පසුවය. පැනගිය දෙදෙනා පොලිසියට කැදවිමට යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති සුමිත් පෙරේරා කටයුතු කළේය.
"මම මෙයාව ආදරෙයි සර්. අම්මලා කියන දේ ඇත්ත සර් මට තාම අවුරුදු දහසයයි" තරුණයා කී දේ ඇසුණු තරුණියට හීන් දාඩිය දමන්නට විය.
"තව අවුරුදු දෙකක් යනකම් මට බඳින්න බෑ. සමාවෙන්න” කියා තරුණයත් තරුණියත් පොලීස් පොතේ අත්සන් කොට වෙන්ව ගියේ හදිසියට කොරහෙවත් අතදමා ගන්නට බැරී බව අවබෝධ කරගනිමිනි.
(ජේ කේ එල් චාමින්ද -දෙයියෝ සාක්කි - ලංකාදීප - අනුග්‍රහයෙනි)