මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවාස සංකීර්ණය තුළ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  අරුන්දික ප‍්‍රනාන්දුගේ හා රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාගේ නිවසට එකම දිනෙක අවස්ථා දෙකකදී
සොරෙකු ඇතුළුවී තිබුණ

අතර සොරකම් සඳහා පැමිණි පුද්ගලයා එහි ආරක්ෂක කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් විසින් අද (29) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණි.
බීමත්ව සිටි ඔහුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට ගෙනගිය පසුව ඔහු  රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන්ගේ රියදුරා බවට හඳුනාගෙන තිබේ.
එම තැනැත්තා මිරිහාන පොලිසියේ රඳවා තිබෙන අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවේ.