උඩුවැල්ල ග්‍රාම නිලධාරී එච්.ඩබ්ලිව්. අසේල් කෝලීත ආරියරත්න මහතා පැවැසීය. අසේල මහතා පැවැසුවේ පෙරේදා (15දා) තම ග්‍රාමසේවා වසමේ පදිංචි 56 හැවිරිදි අනුර කුමාරසිරි යන අය කඹයක් යොදා ගනිමින් තරුණයා ලීස්සා වැටුණේ යැයි සැක කරන අසුපිනි ඇල්ල පාමුල ඇති ගැඹුරු වළට බැස්ස බවත් එහි ජලයේ ගැස්ම වැඩි නිසා ඔහු නැවත උඩට පැමිණි බවත් පැවැසීය.
කුරුඳුවත්ත පොලීසියේ ඉල්ලීමකට අනුව නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද පැමිණ ඇති අතර ඔවුන්ද පවසා ඇත්තේ ඇල්ලේ ජලය වැඩි නිසාත් ජලයේ පවතින ගැස්ම වැඩි නිසාත් තරුණයා
ඔහු තමන්ගේ විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු සමඟ ඇල්ල නැරැඹීමට ගොස් සිටියදී මේ ඛේදවාචකයට ගොදුරු විය. විශ්වවිද්‍යාල සිසුවා අතුරුදන් වූවායින් පසුව ගම්පොළ කුරුඳුවත්ත පොලිස් ස්ථානයෙහි පොලීස් පරීක්ෂක ඩී.එල්.පී. සිරිකාන්ත, උප පොලිස් පරීක්‍ෂක මාරසිංහ යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරමින් අතුරුදන් වූ යාළුවා සමඟ පැමිණි අනෙක් තිදෙනාගෙන් කටඋත්තර සටහන් කර ගත් බවද පොලිසිය පවසයි. මේ වනවිට අසුපිනි ඇල්ලට 14 දෙනකු බිලී වී ඇත. ගම්මුන් පැවසුවේ සමහර මාධ්‍ය මේ සම්බන්ධයෙන් වැරැදි පුවත් රටට අනාවරණය කර ඇති බවකි.
-කේ.වී.බණ්ඩාර-