මෙහිදී සත්ව නිරෝධායන රෙගුලාසි අනුව සුනඛයා රේගු පරීක්ෂාවට ලක්කිරීම සිදු කෙරෙන අතර එය තරමක් ප්‍රමාද වන ක්‍රියාවලියකි. තමන් පැය ගණනක් බලා සිටියත් සුනඛයා නිදහස් නොකිරීම ගැන කුවේට් ජාතික සැමියා
විටින් විට රේගු නිලධාරීන්ට
එම අවස්ථාවේ ගැටුම මැඩ පවත්වන්නට ආ අනෙක් නිලධාරින්ටද ඔහු පහරදී තිබෙන අතර මේ හේතුවෙන් තුවාල ලද රේගු නිලධාරීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්නට සිදුවිය. එම නිලධාරීන් මීගමුව රෝහලට ඇතුළත් කළ බව
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක දන්වා සිටියේ කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි යුවල සිය සුනඛයා නිදහස් කිරීමට ප්‍රමාද වූ අවස්ථාවේ සුනඛයා බලෙන් රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සහ දරා තිබූ බවත් එය වළක්වන්නට කටුනායක ගුවන් තොටුපළේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ඇතුළු රේගු නිලධාරින් 05 දෙනෙකු උත්සහ කළ අවස්ථාවේ මෙම පහරදීම සිදුවූ බවයි.
සිද්ධියෙන් පසු එම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.