කලකට පසු බොලිවුඩයේ ඉහළම මට්ටමේ නම් දිනා සිටින නළු නිළි දෙපළකගේ විවාහයක් සිදුවන්නට නියමිත බව වාර්තාවේ. ඒ දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේය.
දෙදෙනා අතර ආදර කතාව වසර 5 ක් පැරණිය. 2013 සිට ඔවුන්
සමීප ඇසුරක් පවත්වන නමුත් මේ කාලය තුළ ඔවුන් දෙදෙන එකට රඟපා තිබෙන්නේ චිත්‍රපට 3 ක පමණක් වීමද විශේෂත්වයකි.
ඔවුන් අතර පෙම් සම්බන්ධය

බොලිවුඩ් රසිකයින්ටද රහසක් නොවූ අතර විවාහය සිදුවන දිනය ගැන කලින් කල විවිධ ආරංචි පැතිරුණත් මෙවර ෆිල්ම් ෆෙයාර් සඟරාව එම දින  මෙන්ම විවාහ වන්නේ ඉතාලියේදී බව අනාවරණය කර තිබේ.

ඒ වාර්තා අනුව දීපිකා රන්වීර් දෙපළගේ විවාහය ඉතාලියේ ලේක් කොමෝහිදී ලබන නොවැම්බර් 10 වනදින සිදු කරන්නට සියලු කටයුතු යොදා ඇත. ඇල්ප්ස් කඳු පාමුල අලංකාර විලක් අසබඩ මෙම මංගල උත්සවය සංවිධානය කර තිබෙන බවත් වාර්තා පළව තිබේ.

මුලදී මංගල උත්සවය ඉන්දියාවේ පවත්වන්නට සූදානමක් පැවතුණත් අනුෂ්කා හා කෝලි අතර විවාහය විදේශයක පැවැත්වූ අයුරු සිත්ගත් නිසා මේ ආකාරයට ඉන්දියාවෙන් බැහැරදී මංගල උත්සවය පවත්වන්නට තීරණය කළ බව දීපිකා පවසා තිබේ.
දැනට බොලිවුඩයේ රංගන ශිල්පීන් අතර ඉහළම ජනප්‍රියත්වයක් දරන දීපිකා පදුකෝන් සිනමා නිර්මාණ සඳහා වැඩිම මුදල අයකරන බොලිවුඩ් නිළිය ලෙසද වාර්තා තබා ඇත.