ජොන්දාරී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 377ක් අවලංගු කර ඇතැයි ජපන් බලධාරීන් පවසයි.
ඉදිරි පැය 24 තුළ හොන්ෂු දූපත් සහ ටෝකියා නුවරට මිලිමීටර 400 ක පමණ වර්ෂාපතනයක් පතිත විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.
පසුගිය සතියේ ජපානයට බලපෑ මෙවැනිම තද වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් මිය ගියේය.