මීට වසර 6 කට පමණ පෙර 2012 ආන්දෝලනයක් ඇති කරමින් සිදුවූ කොළඹ ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වි පෞරාණික භාණ්ඩ සොරකම් කරගෙනයාමේ සිද්ධියේදී විවිධ පාර්ශ්ව එයට සැකයට භාජනය වූ අතර අවසානයේ ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් හෙවත් ‘කන්ගැට්ටා‘ එය සිදු කළ බව
හෙළිවිනැයි පොලිසිය ප්‍රකාශ කරන ලදි.
කෙසේ වෙතත් මෙතරම් බරපතල ගණයේ සොරකමක් කරන ලද කන්ගැට්ටාට වූ දේ ඉන්පසු කිසිදු තැනක වාර්තා වූයේ නැත.
ඔහු 2012 වසරේ දී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වසර පහක් රිමාන්ඩ් බාරයේ පසුවූ  බවත් 2017දී

කොළඹ මහාධිකරණයෙන් ලද ඇප නියෝගයක් ප්‍රකාරව රුපියල් ලක්ෂ පහක පුද්ගලික බැදුම්කරයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මිත මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදා හරිනු ලැබ තිබේ.
කටුගේ භාණ්ඩ සොරකම් කරන ලද සිද්ධියේ පළමු වැනී සැකකරු වන කන්ගැට්ටා ඉන්පසු ආිය අතක් නැතිව ගොස් තිබෙන අතර ඔහු ඊට පසු කිසිදු නඩුවාරයකට පෙනී සිට නැත.

කන්ගැට්ටා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීයම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (30) වරතු නීකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව එම්. අජිත් කුමාර, ආර්.පී. සුරංග ජයනාත් ජයකාන්ත, එන්.පී.ඩී. චන්ද්‍රස්කර, කේ.ඒ. නිලන්ති දේශප්‍රිය, එච්.ජී. සුජීව දේශප්‍රිය, එස්ටිනා මිලියා පෙරේරා, ජේ.ඒ. ලග්නාධීරගේ එස්ටිනා මිලිනා යන හත්දෙනාද අත්අඩංගුවට පත්ව තිබුණ අතර ඔවුන්ද ඇප මත නිදහස්ව සිටින්නන්ය.
මේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (30) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කන්ගැට්ටා සහ අටවැනි සැකකරු (ජේ.ඒ. ස්වාධීරගේ එස්ටිනා මිලිනා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා  වරෙන්තු නිකුත් කළේය.
 මෙම සිද්ධියට අදාළ නඩු ගොනුවේ උදෘත ගොනු නීතිපතිවරයා වෙත යවා වසර හතරකටත් අධික කාලයක් ඉක්මගොස් ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාරිතමේන්තුව අධිකරණය වෙත දැනුම් දී ඇත.
 සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන දෙසැම්බර් මස 13 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.