කෑගල්ල නගරයේ පිරිමි පාසල් ආශ්‍රිතව කුඩු, ගංජා පාසල් සිසුන් අතර අලෙවි වන බව ප්‍රදේශවාසීහු හා දෙමවුපියෝද පවසති.



8 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණියේ සිසුන් මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව ද පාසල් ආරම්භ වනවිට හා අවසන් වන කාලයේදී මෙම කුඩු හා ගංජා අලෙවි කරන්නන්

ගැවසෙන බවද පාසලේ වැඩිහිටි ළමයින් මේ සඳහා උපයෝගී කරගෙන පාසල් තුළට ගෙන ගොස්‌ එහිදී එම පාසල් සිසුන් මගින් අනිත් සිසුන්ට බෙදා හරින බවද පැවසේ.

 විශේෂයෙන් පාසල් හැර ගිය අය පාසල් සිසුන් මෙන් පැමිණ හඳුනන ඉහළ පන්තිවල සිසුන්ට ලබා දෙන බවද පැවසේ. මෙම ජාවාරම් පාසල්වල සිසුන් විසින් ම ඔවුන්ගේ මවුපියන්ට පවසන අතර කුඩු හා ගංජා නොගන්නා සිසුන් මේ සඳහා ප්‍රතිචාරයක්‌ නොගන්න නිසා ඔවුන්ට ද බලහත්කාරයෙන් මේ කුඩු ගංජා භාවිතයට පොළඹවා ගැනීම් සිදු කරන බවද දෙමවුපියන් පැවසීය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමහර ආචාර්ය මණ්‌ඩල සමඟ ද සම්බන්ධකම් පවත්වන බවට සැක සහිත බවද ඔවුහු පැවසූහ..