කිරුළපන, කූඹිකැලේ ප්‍රදේශයේ කළ හදිසි වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් පනස්දෙකයි මිලිග්‍රෑම් තුන්සිය තිස්නවයක් සමඟ මත්ද්‍රව්‍ය රැසක් ළඟ තබා ගත් කිරුළපන "කුකුළා " ඇතුළු සැකකරුවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම වැටලීමේදී ස්ථාන
දෙකක තිබී හෙරොයින් මිලිග්‍රෑම් 52 මිලීග්රෑම් 3392, ගංජා මිශ්‍ර මදන මෝදක ග්‍රෑම් 37ක්ද මත්පෙති 10ක්ද සොයාගෙන ඇති බව කියයි. කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් යටවර මහතාගේ උපදෙස් මත කණ්ඩායම් දෙකක් යොදවා මෙම වැටලීම කෙරිණි.
එහිදී කිරුළපන
අත්අඩංගුවට ගත් කිරුළපන කුකුළා නමැත්තාට හෙරොයින් සම්බන්ධයෙන් නඩු 12ක් ක්‍රියාත්මක බවත් වසර 5ක් පමණ බන්ධනාගාර ගතව සිට පැමිණි අයකු බවත් පැවසේ. මෙම හෙරොයින් තොටළඟ ප්‍රදේශයෙන් ගෙනවිත් කොළඹ සහ නුවර ප්‍රෙද්ශය වශයෙන් අලෙවි කිරීමට කලක සිට කරගෙන විත් ඇත. සැකකරුවන් කොළඹ අලුත්කඩේ අංක vi අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.