සිය වැඩිමල් දියණියන්ගේ මනාව වැවුණු කොණ්ඩය කපාදමා ශාරීරිකව අඩන්තේට්ටම් කළේ යැයි කරන්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ආපදාවට ලක්වූ කාන්තාවගේ මව හා බාල සහෝදරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස බළපිටිය මහෙස්ත්රාත් සම්පත් ගමගේ මහතා නියෝග
කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්රගතිය වඩිදුර වර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නඩුව 2018 සැප්තැම්බර් 20 වැනි දින නැවත කැඳවන බවත් මහෙස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.
සැකකරු හා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත
මෙසේ කොණ්ඩය කපාදමා ඇත්තේ තල්ගහවත්ත, කරන්දෙණිය පදිංචි පත්තිනි හකුරු සනෝජා (30) නමැති කාන්තාවගේය. ආපදාවට පත් කාන්තාව මීට වසර කීපයකට පෙර විවාහවී එක් දරුවකු සිටින අයකු බවත් මේ වනවිට දෙදෙනා වෙන්ව ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. පසුව ඇය දෙවැනි වරටද විවාහයක් කරගෙන තිබෙන බවත් මේ වනවිට එයින්ද වෙන් වී පැමිණිලිකරු සමඟ ජීවත් වන බවත් කරන්දෙණිය පොලීසිය කියයි. පැමිණිලිකරු ඇය සමඟ විවාහ වී නොමැති බවත් ඔහු ඇයගේ අනියම් පුරුෂයා බවත් කරන්දෙණිය පොලීසිය කියයි. ඇයගේ දරුවා මව සහ සහෝදරයා සමඟ මහ ගෙදර ජීවත්වන අතර දරුවා බලාගැනීමට ඇති අකැමැත්ත මත මෙසේ කොණ්ඩය කපදමා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අනියම් සබදතා අතහරින්නට යැයි දියණියට පැවසුවත් එසේ නොකළ නිසා කොණ්ඩය කපා දැමු බව සකකාර මව පොලිසියට ප්රකාශ කර තිබේ. කරන්දෙණිය පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා චම්පිකා මහත්මියගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රණධීර (6021) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.