එය සැලවූ සැකකරු හඳුනන තවත් පුද්ගලයකු ඔහු සොයා පැමිණ ඇති අතර ඔහුත් මොවුන් සමඟම රැය පහන් කිරීමට තීරණය කර ඇත. සැකකරු අකැමැත්තෙන් වුවද අනෙක් පුද්ගලයාගේ තීරණයට ඉඩදී තිදෙනාම එකතු වී ගංජා සහ වෙනත් විවිධ වර්ග පානය කර ඇතැයි පොලිසිය පවසයි.
පළාගිය පුද්ගලයා දුවචිත් පානම පොලිසියට මෙම සිද්ධිය පවසා ඇත. ඉන් අනතුරුව පොලිසියත් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් එකක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මෙසේ අඩංගුවට පත්ව තිබන වයස අවුරුදු 31ක් වන හික්කඩුවේ පදිංචිකරුවෙකි. මෙම අත්අඩංගුවට ගැනීම පානම පොලිසියේ පොලිස් සැරයන් ජයතිලක (46412) සහ පොලිස් සැරයන් ජයසුන්දර (56)) යන නිලධාරින් සහභාගි වූ අතර වැඩිදුර පරීක්ෂණ පොතුවිල් සහකාර පොලිස් අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස් පරිදි පානම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.