බැංකු නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන රැසක හිමිවරුන් රවටා ලක්ෂ ගණනක් මුදල් වංචා කළ මවක් සහ දියණියක් වැලිමඩ පොලිසිය මගින් ඊයේ (28දා) අත්අඩංගුවට ගෙන
තිබේ.  මහ බැංකුවේ විගණන අංශයේ උසස් නිලධාරීයක් බව පවසමින් දිවයින පුරා විහාරස්ථානවලින් රුපියල් කෝටි ගණනක මුදලක් මොවුන් වංචාකර ඇත.
පොලිසියට ලැබුණු තොරතුරක් මත වැලිමඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පෙරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පනස් තුන් හැවිරිදි මව සහ දහනව හැවිරිදි දියණිය විහාරස්ථානවලට ගොස්මෙම වාංචාවන් සිදුකර තිබේ.

මහ බැංකුවේ විගණන අංශයේ ප්‍රධානියා ලෙස පෙනී සිට ඇති පනස් තුන් හැවිරිදි සැකකාරිය මහ බැංකුව මඟින් රුපියල් මිලියන ගණන් මුදල් විහාරස්ථානවලට

දෙන බව පවසා එහි මුලීක ලියවිලි සැකසීම සඳහා අවශ්‍ය මුදල් ලෙස මෙසේ ලක්ෂ ගණන් මුදල් විහාරස්ථානවල හිමිවරුන් රවටා ලබාගෙන තිබෙන බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.මෙහිදී සැකකාර කාන්තාව මෙම මුදල් විහාරස්ථාන සඳහා ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ලියකියවිලි සැකසීම සඳහා අවශ්‍ය යැයි කියමින් රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

අනතුරුව මුදල් ලබාගත් පසු අදාළ කාන්තාව තම දහනව හැවිරිදි සුරූපී දියණිය යොදවා සමාජජාල උපයෝගී කරගෙන විවිධ බලපෑම් සිදුකර තිබේ. පසුව හිමිවරු පොරොන්දු වූ ආධාර මුදල නොලැබුණු නිසා අදාළ කාත්තාවට ලබා දුන් මුදල් ඇයගෙන් ඉල්ලා තිබේ. මෙවිට මෙම සැකකාර කාත්තාව ඇතැම් හිමිවරුන් මඟහැර ඇති අතර එම හිමිවරුන් මේ වන විට වැලිමඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරමින් සිටිති. තවත් හිමිවරුන් හට ජංගම දුරකථන සංවාද හා සමාජ ජාලා සංවාද මුදල් ඉල්ලුවොත් මුදාහැරීන බවද පවසා බිය වද්දා තිබේ.මෙහිදී ජංගම දුරකථන හයක්, බැකු පාස් පොත්, ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ් විශාල ප්‍රමාණයක්ද පොලිසිය මඟින් මොවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. තවද මොවුන් මේ සඳහා මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් සහ එහි රියැදුරාද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

දියණියන් දෙදෙනා යොදවා හිමිවරු සමග දුරකථන සංවාද හා විවිධ කතා සිදුකර ඒවා පටිගත කර ඇති මෙම කාන්තාව මුදල් ලබාගැනීම ගැන පැමිණිලි ඉදිරිපත් කරන බවට දැනුම් දුන් වීට මෙම හඬපට ගැන පවසා හිමිවරු බියවද්දා ඇති බවද අනාචරණය වී තිබේ.

මීට අමතරව මහබැංකුවේ පරණ වාහන ලබාදෙන බවට පොරොන්දුවී ගම්පොළ දවුල්ගල පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 14ක් ලබාගෙන ඇති බවටද බලන්ගොඩ තරුණියන් 4 දෙනෙකුට මහ බැංකුවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී එක් අයෙකුගෙන් රුපියල් පනස් දහස බැගින් විහාරාධිපති හාමුදුරුවරු හරහා ලබාගන්න ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2016 වර්ෂයේදී තෙල්දෙණීය පොලීසිය විසින් ප්‍රධාන සැකකාරීයට විරුද්ධව ලක්ෂ 14 ක් හා ලක්ෂ 3ක් වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර එම නඩු සදහා වරෙන්තු ලැබූ ඇත්තියක බවත්, මොවුන් ළග තිබී ජංගම දුරකථන 6 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර දිවයිනේ විහාරස්ථාන රැසක හිමිවරු හා කළ සංවාද ඒවායේ පටිගතව ඇති බවත් පොලීසිය සදහන් කරයි.