තිබේ.
කෝප් කමිටුව විසින් සිදුකරන විමර්ශන තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බව එහි සාමාජිකයකු පැවැසීය.
ජනතා බදු මුදලින් ගනුදෙනු කරන රාජ්‍ය ආයතන පිළිබඳ සොයා බැලීමේ සෘජු අයිතිය කෝප් කමිටුවට තිබුණද එම ආයතනවලින් ගනුදෙනු කරන
බදු මුදල්වලින් ව්‍යාපෘති කිරීම සඳහා තෝරා ගන්නා පෞද්ගලික ආයතනය සහ ව්‍යාපෘති පමණක් මෙසේ අධීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව කෝප් කමිටු සභාපතිවරයා කථානායකවරයාගේ දැඩි අවධානය යොමුකර ඇත.
එසේ වුවහොත් රාජ්‍ය ආයතන එම පෞද්ගලික අංශයේ ආයතනද සම්බන්ධ කර ගනිමින් පවත්වන වංචා දූෂණ සොයා ගැනීමේ හැකියාව කෝප් කමිටුවට හිමිවන බවද කෝප් කමිටු සභාපතිවරයා කථානායකවරයාගේ අවධානය යොමුකර තිබේ.
කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ කෝප් කමිටුව විසින් සිදුකරන විමර්ශන තව තවත් වේගවත්ව සිදුකිරීමටද සභාපතිවරයා මේ දිනවල කටයුතු කරන බව ඉහත කෝප් කමිටු සාමාජිකයා වැඩිදුරටත් පැවැසීය.
රුචිර දිලාන් මධුසංඛ