රක්ෂිත බන්ධනාගාර ගත කර
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික, හික්කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්ඛිත, බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤ්ඤාසාර, බණ්ඩාරවෙල හටන්ගල අමිත හා බලංගොඩ දෙනගම සෝභිත යන හිමිවරුන්ය.
භික්ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුළදී සැකකාර හිමිවරු පැමිණිලිකාර හිමියන්ට නවක වධය ලබාදී තිබෙන බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා පොලිසිය මාතර මහ රෝහල වෙත ඇතුළත් වන ලෙසට උපදෙස් ලබාදී තිබුණද උන්වහන්සේ නැවත සරසවි අධ්‍යාපනයට නොඑන බව පවසා වැඩවසන විහාරස්ථානය වෙත නික්ම ගොස් තිබේ.
මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු