මෙම එක් පාසල් ගුරුවරයකු සහ එම පාසලේම ඉතිහාසය විෂය උගන්වන උපකාරක පන්තිද පවත්වන හෂාන් රත්නායක නමැති අනෙක් ගුරුවරයා තම පන්තිවලට එන සිසුවියන් රවටා අපයෝජනය කිරීම කලක් තිස්සේම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඔවුන් දෙදෙනාම ඇතැම් සිසුවියන්
මෙම කාරණා එළිකළ සංසිද්ධියට මුල්වූයේ ඉතිහාස ගුරු හෂාන් රත්නායක ඔහුගේ ගෝල සිසුවියක රවටා ඇය තම නිවසට කැඳවාගෙන අපයෝජනය කිරීමේ සිද්ධියයි. විවාහකයෙකු බව කියන මෙම ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන අපයෝජනය කර තිබෙන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුව ඔහු එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරු සුනෙත් හෙට්ටිගොඩ නම් වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බව වාර්තාවේ.
මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය අපයෝජනය කරමින් එහි වීඩියෝද ලබාගෙන ඇති සුනෙත් එම දර්ශන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බවද වාර්තාවී තිබේ.
සමාජ ජාලාවල සංසරණය වූ වීඩියෝ පටය පිළිබඳව සතියකට වැඩි කාලයක් පොලිසිය කළ විමර්ශනයකින් පසුව වින්දිත දැරිය හා සැකකාර ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී වින්දිත දැරිය පොලිසියට පවසා ඇත්තේ තමන් මුලින්ම අපයෝජනයට ලක් කරන ලද්දේ ඉතිහාස ගුරු හෂාන් බවයි. එම ගුරුවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු ගුරුවරුන් දෙදෙනාම අත්අඩංගුවට පත් විය.
පොලිසිය සිදු කළ විමර්ශනය අනුව ඔවුන් තවත් එවැනි සිසුවියන් රාශියක් අවස්ථා ගණනාවකදී අපයෝජනය කළ බව හෙළිව ඇති අතර ඔවුන් පවසන්නේ සිසුවියන්ගේ කැමැත්ත මත ඒවා සිදුවූ බවයි.
අත්අඩංගුවට පත් ඉතිහාස ගුරු හෂාන් රත්නායක පැවති රජයේ ප්‍රබල දේශපාලන සබඳතා සහිත අයෙකු වූ බව කියැවෙන අතර වරක් මොනරාගල කලාපයේ දක්ෂතම ගුරුවරයා ලෙස ජනාධිපති සම්මාන ලබා ඇති අයෙකි. ඔහුගේ අපයෝජනයන්ට ලක්වූ ඇතැම් සිසුවියන් මෙම බල සබඳතා නිසා ඇතැම් සිද්ධි සඟවා තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබේ.
පෙරේදා (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් ගුරුවරුන් දෙදෙනා ඊයේ (25දා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ.