කොලින් සහ වැනීසා 1980 දී තමන් මිලදී ගත් අලුත් සිහින නිවසේ විසිත්ත කාමරයේ පොලව තරමක් පහලට බැහැල කියල දැකල තියනව. ඔහු ඒගැන සොයන කොට දැනගෙන
තිබෙනවා විසිත්ත කාමරයට පහලින් ළිඳක් තිබෙන බව කොහොම නමුත් තව දුරටත් මේ ළිඳ හෑරීමට සිතුනත් කුඩා දරුවන් තුන් දෙනෙක් සිටිය නිසා ඔවුන්ගේ ආරක්ශාවට එම ළිඳ වසා දැමීමට තීරනය කරනවා.
පසුව ඔහු රැකියාවෙන් විශ්‍රාම ගියාට

පස්සේ තීරණය කරනවා වහල දාපු ළිඳ නැවත සොයා ගන්න.ඔහු ඉක්මනින්ම එය සොයාගන්න සමත් වෙනවා පසුව ඔහුගේ මිතුරෙකුගේ උදවුවෙන් අඩි 17 පමණ ගබුරට හාරන්න සමත් වෙන්ව.
මේ ගැන ඔහු පවසා තිබුනේ අපි ඒක සොයා ගන්න විට ඒක වැහිලා තිබ්බේ කොහොම නමුත් යාළුවගේ උදවුවෙන් අඩි 17 පමණ වෙනකම් හාරගන්න සමත් වුනා යනුවෙනි.
ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ තමන්ට මෙම ළිඳ අඩි හතරක් හාරන කොට කඩුවක් හමුවූ බවයි  එම නිසා දිගටම හෑරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් පහල තිබෙන්නේ මොනවද කියල දැන ගන්න උනන්දුවෙන් පසුවෙන බවත්ය සමහර විට රත්තරන් තිබෙන්නත් පුළුවන් කියල ඔහු පවසා තිබුනා .සමහර විට මට මේ වයසට මොනවා හරි ලැබෙන්නත් පුළුවන් කියල ඔහු කියා තිබුනා
ළිඳ පතුලේ මොනවා හෝ ඇතැයි තදින්ම විශ්වාස කරන ඔහු පවසා තිබුනේ තමන්ට අතීතයට ගොස් එතන තිබ්බේ මොනවද කියල බලන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන බවයි