යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක්‌ අමතමින් වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්‌වරන් මහත්මිය පෙරේදා (01 දා) පැවසූ කතාව මේ වනවිට ආන්දෝලනයක් ඇති කර තිබේ. එහිදී රාජ්‍ය
අමාත්‍යවරිය කියා සිටියේ

මේ රජය කළ එකම දෙය ඉඩම් හිමිකම් ලබාසීම පමණක් බවත් එල්ටීටීඊ කාලයේ මීට වඩා තමන්ට පහසුකම් තිබුණ බවත්ය.එල්. ටී. ටී. ඊ. සංවිධානයට උතුරු නැගෙනහිර පළාත්වල යළි ප්‍රතිසංවිධානය වීමට ප්‍රබල අවශ්‍යතාවක්‌ ඇතැයිද ඇය කියා සිටියාය. උතුරු නැගෙනහිර ජනතාවට සිය හදවතින් හා ජීවිතයෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය කිසිදා බැහැර කිරීමට අකමැති බවද ඇය කියා සිටියාය. දේශපාලන ඡන්ද කුසගින්න වෙනුවෙන් ඇය ජාතිවාදී ත්‍රස්ත හිතවාදී ප්‍රකාශයක් කර ඇතිබවට මේ වනවිට විවේචන පළව තිබේ.