පදිංචි නේවාසිකාගාරයකට ඇතුළු වී
අත්අඩංගුවට පත් සැකකරුවන්ට වයස අවුරුදු 23ක් හා 24ක් වන අතර සැකකාරිය අවු. 17ක් වන තැනැත්තියකි. සැකකරුවන් කොල්ලකන ලද දේපළ අදාළ කාන්තාව උකස් තැබීම හා විකිණීම සඳහා යොදවා ගෙන ඇති බවත් ඇය ඔවුන්ගේ අනියම් බිරියක් ලෙස ඔවුන් හා එක්ව වඳුරඹමුල්ලට ප්රදේශයේ බෝඩිමක පදිංචිව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. හෙරොයින් පානයට තදින්ම ඇබැහි වී ඇති සැකකරුවන් මෙයට පෙර විවිධ අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන් දෙදෙනකු බවට පරීක්ණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන්ට එරෙහිව හෝමාගම අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු 6ක් පවතින බවත් පොලිසිය පවසයි. සැකකරුවන් ඊයේ (31දා) හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
-ඉනෝකා උදයන්ති-