මනට අදාළ ටිකට්‌ පතක්‌ නොදී තමාට මගීන් ඉදිරියේ අපහාස කරමින් බැණ වැදුණු බව සඳහන් කරමින් දිවයින ජාතික පුවත්පතේ මාධ්‍යවේදිනියක විසින්
ඊයේ (28 වැනිදා) ආමර්වීදිය

පොලිසියට හා බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඇය මෙම සිද්ධියට මුහුණ පා තිබුණේ ඊයේ උදේ රාජකාරි කටයුතු සඳහා මරදානේ සිට ආමර්වීදියට පැමිණෙමින් සිටියදීය.
ටිකට්‌ පත ඉල්ලූ විට අපහාස කරමින් කොන්දොස්‌තරවරයා තමාට බැණ වැදුනු බව ඇය කියා සිටී.
 "මේ බස්‌ එකේ ටිකට්‌ නැහැ" යැයි කොන්දොස්‌තරවරයා පැවසූ බවත් මේ ගැන පැමිණිලි කරනවා යැයි කී විට "පැමිණිල්ලක්‌ කළොත් ඔයා තමයි අමාරුවේ වැටෙන්නේ " කියා කොන්දොස්‌තරවරයා පැවසු බවත් "ඔයා වැල්ලේ කෙල්ලෙක්‌" යැයි කියමින් අපහාස කළ බවත් මාධ්‍යවේදිනිය කීවාය. ආමර්වීදියේ දී තමා බසයෙන් බැස යනවිට කොන්දොස්‌තර තමාට අපහාස කරමින් හූ කියූ බවද වැඩිදුරටත් ඇය පවසා ඇත.
මාර්ග අංක 176 හෙට්‌ටියාවත්ත දක්‌වා ධාවනයවූ එන් ඩී - 5877 දරන පෞද්ගලික බස්‌ රථයේ කොන්දොස්‌තරවරයාට එරෙහිව
 බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියටත් ආමර්වීදිය පොලිසියටත් සිද්ධිය පිළිබඳව  ඇය පසුව පැමිණිලි කර ඇත.