ප්‍රදේශවාසීහු පවසති.
මෙම කිඹුල් පැටවුන් පොකුණෙහි පීනමින් සෑම තැනකම සැරි සරන බවත්, මාර්ගය අසල සිටි කිඹුලිය ගම්වැසියෙකුට පහර දීමට යෑමේදී ඔහු දිවගොස් බේරී ඇති බවත් ඔවුහු පවසති.
“කුඹුරට වතුර යන ඇළ මාර්ගයක ජලය කාන්දු වෙලා තමයි මේ පොකුණ හැදිල තියෙන්නේ, මේ අසල මාර්ගයේ කුඩා ළමුන් ඇතුළු බොහෝ දෙනෙකු දිනකට ගමන් කරනවා. පසුගිය 15 දා සිට ඊයේ වෙනකම් කිඹුල් පැටව් 21ක් එළියට පැමිණ තිබුණා. ඒ දැකපු ගණන විතරයි. තව පැටව් ඇති, මම ගඩොල් රැගෙන එනකොට පොකුණ අසල මාර්ගය අසල සිටි කිඹුලිය මා හට පහර දීමට පැන්නා. කිඹුල් ප්‍රහාරයෙන් නූලෙන් තමයි මම දුවලා බේරුනේ. කිඹුල් පැටව් පිටතට ආපු දවසෙම ගමේ අය වනජීවී එකට කතා කළා, දැන් දින 5කටත් වැඩියි. ඊයේ දහවල් වනතුරුත් කිසිම නිලධාරීයෙක් පැමිණීයේ නැහැ. මේ කිඹුලන් කුඩා ළමයෙකු ගොදුරු කර ගැනීමට පෙර පියවරක් ගන්නා ලෙස මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා."