දහම් පාසල් ගුරුවරුන් සඳහා ප්‍රදානය කිරීමට සාරී 64,000ක් රුපියල් මිලීයන  103.04ක මුදලකට පේෂකර්ම දෙපාර්තමේන්තුව වෙතින් මිලදී ගැනීමට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දහම් පාසල්

ගුරුවරුන් සඳහා නිල ඇඳුම් බෙදාදීම 2004 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මෙම වර්ෂය (2018) සඳහා ගුරුවරියන්ට සාරි බෙදා දීම මේ යටතේ සිදු කිරීමට නියමිතය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ.