හෙවත් 'සනා' නමැත්තා 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
සැකකාර 'සනා' නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දීමනි බැද්දේවෙල මහත්මිය ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්‍ෂේප කළ අතර විත්තිකරුට විස අබින් සහ අන්තරායකර ඖෂධ පනත යටතේ චෝදනා ඉදිරිපත් වී ඇති නිසා ඇප දීම ප්‍රතිකේෂ්ප කරන බව දන්වා සිටියාය. 'සන්' නමැති පුද්ගලයා මියගිය රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් පැකැට් ලබාදී නොමැති බවද
ඉකුත් නඩු දිනයකදී බ්‍රිතාන්‍ය රගර් ක්‍රීඩකයන් දෙදෙනා ගමන් කළ ත්‍රිරෝද රථයේ රියැදුරු වන මොහොමඩ් රියාස් නමැත්තා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය රගර් ක්‍රීඩකයන් දෙදෙනා තම ත්‍රීවීල් රථයේ ගමන් කරන අතරවාරයේ හෙරොයින් ලබාගත හැකි ස්ථානයක් පිළිබඳව තමාගෙන් විමසා සිටි බවත් ඒ අනුව තමා බම්බලපිටිය දුමිරිය ස්ථානය අසල මුහුදු මාවත අසලදී 'සනා' නමැති පුද්ගලයා හඳුන්වා දුන් බවත් රගර් ක්‍රීඩකයන් දෙදෙනා එහිදී 'සනා' නමැත්තාගෙන් හෙරොයින් පැකැට් 7ක් රුපියල් දාහත් දහසක මුදලකට මිලදී ගත් බවය.
මියගිය රගර් ක්‍රීඩකයන් වන තෝමස් ඇන්ඩෘ ෆෝවර්ඩ්,බෙටී තෝමස් රීඩ් යන දෙදෙනා මියගොස් ඇත්තේ හෙරොයින් අධි මාත්‍රාව සහ හෙරොයින් විස වීම මත බවට සඳහන් කරමින් ඔවුගේ පශ්චාත් මරණ පරික්‍ෂණයන් සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනා විසින් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. කොටුව පොලිස් නිලධාරීන් විසින් 'සන්' නමැති පුද්ගලයාව චාර්ලිමන්ට් පාර වැල්ලවත්ත යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවෙසේ ඉදිරිපිටදී පසුගියදා (30දා) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.
-අමිල අබේරත්න-