හසලක හතේ ඇළ ප්‍රදේශයේ ආබාධිත සහෝදරයකුගේ පාසල් යන අවුරුදු දහසයක දැරියකට මීට මාස තුනකට පෙර ලිංගික අතවර කර එය රහසක් වශයෙන් සඟවා ගෙන සිටි එම දැරියගේ බාප්පා කෙනකු වන
දරුවන් තිදෙනකුගේ පියකු වන අම්පාර පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු මෙම අතවර සිද්ධිය පිළිබඳව සැකපිට හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් යන මෙම දැරිය රවටා නොමඟ යවා මෙය රහසක් වශයෙන් තබා ගත යුතු බවත් මරණීය තර්ජනය කර ඇයට

පසුගිය අප්‍රේල් මස 18 වැනිදා දින සවස් කාලයේදී ලිංගික අතවර කිරීම පිළිබඳ හසලක හතේ ඇළ ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ බාප්පා කෙනකු වන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරයා මහියංගණය මහෙස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු විසිඅට වැනි දින රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තමන්ට වෙනත් අයකු අතවර කිරීමක් කර ඇතැයි කියා මෙම දැරිය හසලක පොලිසියට ගොස් පැමිණිලි කර ඇති අතර ඒ ගැන පොලිසිය කරන ලද පරීක්‍ෂණවලින් පසුව තමන්ට වෙනත් අයකු නොව තම බාප්පා විසින් මෙම අතවරය කර ඇතැයි ඇය පසුව පිළිගෙන ඇත.

දැරිය මහිංයගණය මහ රෝහලට ඇතුළත් කර කරන ලද පරීක්‍ෂණවලින් පසුව අතවරයකට ලක්වීමෙන් මැය ගැබිනියක් බවට පත්ව ඇතැයි වෛද්‍ය පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව හසලක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

තෙල්දෙණිය - කේ. නිශ්ශංක