නිර්මාණය කිරීම සිදු කරන්නෙකි. ඔහු සුපිරි ටාසන් නමින් චිත්‍රපටයක් රූගත කිරීම නිසා රොෂානාට හමුවී තිබෙන අතර ඒ කාලයේ ඇතිවූ මිතුරු සබඳතා මත ඔහුගෙන් වාහනයක් ලබාගැනීමට උනන්දුවී ඇත. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අතුල වාහනයක් ගෙන්වාදෙන බව පොරොන්දුවී ඇගෙන් රුපියල් ලක්ෂ 10 ක්
අ කාර් ආයතනයකින් කුලියට ලබාගත් වාහනයක් ඇයට ලබාදී ඇති අතර එයද පසුව උදුරාගෙන ගොස් ඇත්තේ බලෙන්ය.
ඇයට රෙන්ට් අ කාර් වාහනය සපයා තිබුනේ මීට ටික දිනකට පෙර ඕරා වාදක ගිහාන්ගේ හදිසි මරණය සමග කතාබහට ලක්වූ ගම්පහ ඉමාෂි කැබ් ආයතනයේ කළමනාකරු බුද්ධික ලක්ෂාන්ය.
කෙසේ වෙතත් මෙම අවනඩුව ගැන පසුගිය වසරේ ඔක්තෝබර් 28 වැනිදා මිරිහාන පොලිසියේ SCIB 388/252 අංකයෙන් ටෙලි නිළි රොෂානා විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කළත් කිසිවක් සිදු නොවූ බැවින් නැවත බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගයක් අනුව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මාස තුනක් පමණ ගතවෙද්දී ආනයන කර ලබාදෙන බව කී
තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහය වෙනුවට සැකකරු 2017 ජුනි 22 වැනිදා බොරැල්ලේ රාජ්‍ය බැංකුවක ගිණුමක අදාළ චෙත්පතක් ලබාදුන් බවත් එය අගරු චෙක්පතක් බව ගිණුම්ගත කිරීමේදී අනාවරණය වූ බචත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
අත්අඩංගුවට පත් අතුල ඉද්දමල්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුවේ. සිද්ධිය සම්බන්ධයෙන් රොෂානා දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින්