මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී සිදුවිය හැකි බවට අපේක්ෂා කරන තාක්ෂණික විභාග වංචා වැළැක්වීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය විභාග දෙපාර්තමේන්තුවට ලබාදෙනු ඇත.
 විභාග කොමසාරිස්

ජනරාල් සනත් පූජිතගේ ඉල්ලීම මත ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන  බව යුද හමුදාපතිවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බළකායේ සහාය ලබාගෙන තාක්ෂණික විභාග වංචා සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ සැලසුමක් මේ වනවිට සකස් කර ඇති බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මෙවැනි වංචා සිදුවිය හැකි බවට විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ විභාග මධ්‍යස්ථාන සඳහා යුද හමුදාවේ විශ්‍රාමික ජේ‍යෂ්ඨ නිලධාරීන් යොදවන බවද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය. ස්මාර්ට් ජංගම දුරකථන හා අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ භාවිත කොට විභාග අපේක්ෂකයන් විභාග වංචා සිදු කිරීම හේතුවෙන් තෝරා ගත් විභාග මධ්‍යස්ථාන සඳහා සන්නිවේදන කටයුතු අවහිර කරන උපකරණ සවි කරන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.

ඉකුත් වසරේ පැවැති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී සිදු වූ තාක්ෂණික විභාග වංචා කිහිපයක් ගැන වාර්තා වී තිබිණි.‍ෙ
මෙවර උසස් පෙළ විභාගය ලබන 06 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව විභාග මධ්‍යස්ථාන 2,268ක් සූදානම් කර ඇත.