ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ජංගම දුරකථන මාදිලියක් වන ඇපල් අයිෆොන් සිය තරගකාරී සැම්සුන් සමග තරගයේදී ප්‍රධාන වෙනසක් ලෙස පෙන්නුම් කළේ සිම් දෙකක් දැමීමේ (ඩුවල් සිම්) පහසුකම මේ දක්වා හඳුන්වා නොදුන් නිසයි.

නමුත් මේ දිනවල පළවන තාක්ෂණික පුවත් වෙබ් අඩවි වාර්තා

රැසකින්ම අනාවරණය කර ඇත්තේ iOS 12 beta code සමග සිම් දෙකක් දැමිය හැකි අයිෆොන් හඳුන්වා දෙන්නට ඇපල් සූදානම් බවයි.
මේ ගැන තාක්ෂණික විශේෂඥයින් අදහස් පළ කරමින් දන්වා ඇත්තේ ඉන්දියාව චීනය හා ආසියානු වෙළෙඳ පොළ තුළ සිම් එකක් ඇති ජංගම දුරකථන මාදිලි වලට වඩා සිම් දෙකේ ඒවා ජනප්‍රිය වීමත් සංචාරකයින් ලෙස ලොව පුරා නිරන්තරයෙන් ගමන් කරන බටහිර හා යුරෝපා පාරිභෝගිකයින්ට සිම් දෙකක් දැමීමේ පහසුකම මත සන්නිවේදන අවශ්‍යතා වඩා හොඳින් සපුරාගන්නට ඉඩකඩ ලැබීමත් නිසා ඇපල් මෙම වෙනස ඇති කළ බවයි.