ලංකාවෙන් යුද්ධය තුරන් කර ජනතාවට සාමකාමී පරිසරයක් නිර්මාණය කළ නිසා
ඉන්දියාවේ ජනපති අතින් පිරිනමන ඉහළම සම්මානය වන මෙම සම්මානය මහින්ද රාජපක්ෂට යෝජනාවී ඇති බව එම වාර්තා වලින් පැවසේ.
කෙසේ වෙතත් මෙම පුවත ලංකාවේ මාධ්‍ය වල පළවුවත් අප කළ සොයා බැලීමේදී ඉන්දියානු මාධ්‍ය තුළ එවැන්නක් ගැන පැහැදිලි පළකිරීමක් සොයාගන්නට නැත. ලංකාවේ මාධ්‍ය වලද ඉන්දියානු මාධ්‍ය පළකළා යයි පවසමින් පළ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ස්වාමි පළකළ ට්විටර් පණිවිඩයකි.
සුබ්‍රමනියම් ස්වාමි මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට ඔහුට හිතවත්ව කටයුතු කළ ඉන්දියානු දේශපාලනඥයෙකු වන අතර එම හිතවත්කම නිසාම පසුගියදා මහින්ද සොයුරු චන්ද්‍ර රාජපක්ෂගේ අවමංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සිට මළ ගෙදරටද ඇවිත් ගියේය. ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන රැළියක් ඇමතීමටද ඔහු මහින්ද රාජපක්ෂට ඇරයුම් කර ගොස් තිබේ.
ඔහු මහින්ද පාලනය පැවති 2014 වසරේදීත් ලංකාවට පැමිණ මහින්ද, ගෝඨාභය ඇතුළු පිරිස හමුව ගිය අයෙකි. ප්රභාකරන් විරෝධියෙකු වන ඔහු වර්තමානයේ කොටි හිතවාදී අදහස් පළකරන දකුණු ඉන්දීය දේශපාලනඥයින්ද නිරන්තරයෙන් විවේචනය කරන්නෙකි.
යුද ජය වෙනුවෙන් මහින්දට
ඉන්පසු 2015දී එය ලැබුනේ පසුගිය මස දිවියෙන් සමුගත් හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිටය. ඉන්පසු මේ දක්වා එම සම්මානය තවත් අයට පිරිනමා නැත.
මළගෙදරදී මහින්ද හමුවීමෙන් පසුව සුබ්‍රමනියම් ස්වාමි 2018දී මෙම යෝජනාව නැවතත් සිදු කළත් එය හුදෙක්ම තනි පුද්ගලයෙකුගේ දේශපාලන ප්‍රකාශයක් පමණකි.
පසුගියදා මියගිය කරුණානිධිගේ නම භාරත රත්න සම්මානය සඳහා මේ දිනවල ඩීඑම්කේ පක්ෂය යෝජනා කර තිබෙන අතරවාරයේ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමක් ලෙස බීජේපී පක්ෂය නියෝජනය කරන සුබ්‍රමනියම් ස්වාමි මහින්දගේ නම ඒ සඳහා යෝජනා කිරීමද ඉන්දියානු දේශපාලනයේ හාස්‍යජනක ප්‍රතික්‍රියාවකි.
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවත් සැමියා සැක බවත් මරණය වාර්තාවූ උණුසුමේම මාධ්‍ය අවධානය දිනාගනිමින් ප්‍රකාශයක් නිකුත් කළේද සුබ්‍රමනියම් ස්වාමිය.
ඉන්දියාවේ මන්ත්‍රීවරයෙකු වන ඔහු මෙම යෝජනාව කරන්නේ අගමැති මෝදිට වන අතර මෝදි සියලු නම් අතරින් මහින්දව තෝරා එයට අනුමැතිය ලබාදී එරට ජනපති රාම් නාත් කෝවින්ද් වෙත මහින්ද එයට වඩාත් සුදුසු යයි දන්වා සිටියොත් එම සම්මානය ලැබෙනු ඇත.
භාරත රත්න සම්මානය 1954 සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී 45 දෙනෙකුට පිරිනමා ඇති අතර ඉන්දියානුවන් නොවන අයට මෙම සම්මානය පිරිනමා ඇත්තේ ඉතිහාසයේ දෙවරක් පමණි. ඒ 1980 තෙරේසා මව්තුමියට හා 1990 නෙල්සන් මැන්ඩෙලාට පමණි.
සම්මානය ගැන වැඩි විස්තර ඇති විකිපීඩියා පිටුව මෙතැනින්