මව වයස අවුරුදු හැට පහ ඉක්ම වූ තැනැත්තියකි. දරුවත් ආවාහ විවාහ වී සිටින නිසා පවුල් බරින් නිදහස්ව සිටි ඇය ජීවත්වූයේ ද මහගෙදර තනිවමය.
සැමියාගේ විශ්‍රාම වැටුපත්, ඇයගේ විශ්‍රාම වැටුපත් නිසා ඇයට මිල මුදල් අතින් කිසිම අඩුපාඩුවක් ද නැත.
දරු මුණුපුන් ද ඉදහිට පැමිණ මේ මවට අවශ්‍ය දෑ නිවසට දමා, ගමින් පිටවී යන්නේ ඒ අය ලොකු ලොකු රාජකාරී කළ උදවිය නිසාය.

ඉඩකඩම්වලින් ද

ආදායම් තිබූ නිසා වසරකට වතාවක් දෙවතාවක් පිටරට වන්දනා ගමින් යන්නට මේ මවට සිතුනේ අහල පහළ අයත් දරුවනුත් කළ ඉල්ලීමට අනුවය.
ඒ අනුව දඹදිව වන්දනා ගමනට ඇය සුදානම් වුයේ හරී සතුටිනි. මිල මුදල් කොපමණ තිබුණත් හැම ශතයම මැය වැය කළේ හරි පරිස්සමිනි ඒ ඇගේ හැටිය.
ජීවිතයේ පළමු ගුවන් ගමන පිළිබදවද ඇය මෙලෝ දෙයක් දැන සිටියේද නැත.
‘ආ අම්මේ දින 14 ක් අපි දඹදිව වන්දනාවේ යනවා දඹදිව විතරක් නෙවෙයි තවත් වැදගත් තැන් බොහෝමයක්..." සංවිධායකයා මේ මවට කියා සිටියේය.
හරී පුතේ... දැන් ඔය වන්දනාවට යන ගාන කීයද' මව ඇසුයේ ඒ මුදල් ටික ගෙවා දමනටය. "හැත්තෑපන්දහසයි අම්මේ ' සංවිධායකයා කියා සිටියේය. 'ඔය ගාන සීට් එකේ වාඩිවෙලා යන ගණන නේද පුතේ.."
"ඔව් අම්මේ”
එහෙනම් මෙන්න 40,000 ක්ම තියනවා. මම ඔය පැය භාගේ හිටගෙන යන්නම්.."
මව කී දෙයින් සංවිධායකවරයා පමණක් නොව එහි සිටි කොයි කවුරුත් කට තදකර ගත්තේ මව සමග ඇගේ දියණියද එහි සිටි නීසාය.
(ශිරාන් රණසිංහ)