මහකුඹුක්කඩවල,
මෙරට නිපදවන ලද ගිනි අවියක් අටවා මුවාට වෙඩි වැදීමට සලස්වා පසුව පොලුවලින් පහරදී මුවා ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවකු පොල් වත්තේ මුරකරු වන අතර, අනෙක් සැකකරු යාබද ඉඩමේ මුරකරු බවට හඳුනාගෙන ඇත. තමන් සේවය කරන වතුවලට ජලය සහ ආහාර සොයා පැමිණෙන සතුන්ට ගිනි අවි අටවා ඝාතනය කර එම සතුන් මස් කර අලෙවි කිරීම සැකකරුවන් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා සහ ඝාතනය කර තිබූ මුවා අධිකරණයට ඉදිරීපත් කිරීම සඳහා මුන්දලම පොලිසියට භාරදීමට මදුරන්කුලිය පොලිස් මුරපොළේ නිලධාරීන් කටයුතු කර ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ මුන්දලම පොලිසිය මඟිනි. සැකකරුවන් ඝාතනය කර තිබූ මුවා විනාශ කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට භාර දෙන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරුවරයා මුන්දලම පොලිසියට නියෝග කර ඇත.
-සමන්ප්‍රිය ජයශාන්ත-