චුදිත භික්ෂුන් වහන්සේ
එසේම ඇප ඉල්ලීමක් සිදුකොට ඒ හරහා තමන් වහන්සේට 'ජම්පරයක්' නොව වෙනත් සුදුසු ඇඳුමක් දැරීමට බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් අවසර ඉල්ලීමක් සිදුකිරීමේ ඉඩක් පවතින බවද ඔහු කීය. අධිකරණයට අපහාස කිරීම වැනි චෝදනාවක් එල්ල වීමෙන් භික්ෂුවකට සිරදඬුවම් නියම වූ අවස්ථා බන්ධනාගාර ඉතිහාසයේ අල්ප බව, අවශ්‍ය නම් සංඝයා වහන්සේට මැදිහත් වී බුද්ධශාසන අමාත්‍යංශය හරහා මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකි බවද හෙතෙම පැවැසීය.
මේවා විකල්ප ඉල්ලීම් පමණක් බවත්, බන්ධනාගාර නීතිය තුළ ඇඳිය යුතු ඇඳුම පැහැදිලිවම දක්වා ඇති අතර ස්වාමීන් වහන්සේට යැයි විශේෂයක් කොට වෙනත් ඇඳුමක් ඒ වෙනුවට සඳහන් කර නොමැති බවත්, ආචාර්යවරයා කීවේය. කෙසේ වෙතත් මෙහි අවසාන තීරණය බන්ධනාගාර කොමසරිස්වරයා සතුව පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
-හර්ෂනී අර්සකුලරත්න-