ග්‍රාමසේවකයකු කපු රාජකාරි කර බහිරව පූජා ආදිය පවත්වමින් කුලියාපිටිය මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ
නිධානයක්‌ හාරමින්

සිටියදී 1දා සවස සහායකයකු ද සමගින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

 තලහිටිමුල්ල වසම භාරව රාජකාරි කරමින් සිටි කුලියාපිටිය තබ්බෝමුල්ල ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිවරයකු හා කොට්‌ටෝරු රාළ ලෙස ආවතේව කළ ඔහුගේ සගයෙක්‌ එසේ අත්අඩංගුවට ගෙන තිබිණ.

 පොලිස්‌ කණ්‌ඩායම ලද තොරතුරකට අනුව එම ස්‌ථානයට යන විටත් අදාළ ග්‍රාම නිලධාරිවරයා සුදු පිරුවට ඇඳ මල් පහන් සුවඳ දුම් ආදිය බහිරව පිළිරුවකට පූජා කොට යාතිකා කරමින් සිට ඇත. පූජා තටුවේ සිට ගල් උමග තුළට තුන් නූල්ද ඇද තිබූ බවත් පොලිසිය පවසයි.