හබරාදුව ප්‍රාදේශීය සභාවට අයත්, තල්පේ හා දළවැල්ල පොදු සුසාන භූමියේ මළසිරුරු මිහිදන් කරන්නට නොහැකිව තියෙනවා. මිනියක් වළදාන්න වළ කපන  විට බලු ඔළු මතුවෙනවා. මෙයට හේතුව ප‍්‍රදේශයේ
පවත්වාගෙන යන සුනඛ මධ්‍යස්ථානයකින් මිය යන සුනඛයගේ සිරුරු කොටස් වළ දැමීම නිසා මළ මිනී වළ දමන්නට නොහැකිව තියෙනවා. මේ නිසා මැරෙන මිනිසුන්ට ඉඩක් නෑ. බල්ලන්ට ගිය සුසාන භූමියක් වශයෙන් තමයි තියෙන්නේ . මෙයට අමතරව තල්පේ සුසාන භූමියේ දැවැන්ත දෙබර කුඩුවක් තියෙනවා.


මේ නිසා තල්පේ සුසානය තවත් ආකාරයෙන් මළ මිනී සුසානය කරන්නට මිහිදන් කරන්නට නොහැකිව පවතිනවා. සුසාන භූමියට පිවිසෙන මාර්ගය හා සුසාන භූමිය සතු ඉඩම් කැලෑවෙන් යටවෙලා තියනවා. මේ නිසා මෙහි ආරක්ෂාව සපයන්න මෙහි සුනඛයන්ගේ මළ සිරුරු වළ දැමීම වැළැක්වීමට පියවරක් ගන්න. වැටක් ඉදිකරන පියවර ගන්නා හැටියට ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිනවා යැයි හබරාදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රීති සුසිල් වෙදගේ මහතා ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) පැවැසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ හබරාදුව ප්‍රාදේශිය සභා‍ෙමාසික රැස්වීමේදීය. සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එකී රැස්වීම ඉකුත් දා පැවැත්විණි. හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) අප සතු වූ සුසාන භූමිවල මියගිය අයට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. සුනඛයන්ට වෙන් කරන සුසාන භූමියක් හදන්න අපට බෑ. ඉදිරියේදී අදාළ සුසාන භූමිවල වැටවල් සකසා නිසිපරිදි සුසානයේ කටයුතු සිදු කරගෙන යන්න කටයුතු කරනවා.

-අනුර ලියනගේ-