වසර 1992 දී ලෝක කුසලානය දිනු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන ඉම්රාන් ඛාන් 1996 වසරේදී දේශපාලනයට එක්විය. පාකිස්තාන මහ මැතිවරණය ජූලි 25 වැනිදා පැවැති අතර එහිදි පාර්ලිමේන්තු ආසන 116ක් දිනාගනිමින් පාර්ලිමේත්තුවේ විශාලතම පක්ෂය බවට පත්වීම ඉම්රාන් ඛාන්ගේ
කෙසේ නමුත් තම දිවුරුම් දීමේ උත්සවයට ඉම්රාන් බාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ "සාක්" සංවිධානයේ සාමාජික රටවල නායකයන්ට ආරාධනා කරනු ඇතැයි වාර්තා විය. ඊට අමතරව ඉම්රාන් ඛාන් තම දිවුරුම් දීමේ උත්සවයට බොලිවුඩ් නළු අමීර් ඛාන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජෝට් සිං සිධූට ආරාධනා කර ඇති අතර සිධූ ආරාධනාව බාරගෙන ඇත.
"විදෙස් නායකයන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. එහෙත් ඒවා වැරැදියි" යැයි පී.ටි.අයි පක්ෂයේ ප්‍රකාශකයකු වන ෆවාඩ් චෞදිරි පැවැසීය.
දිවුරුම් දීමේ උත්සවය පාකිස්තාන ඒවාත් ඒ සද්ර් (පාකිස්තාන ජනාධිපති මන්දිරය) හිදි පැවැත්වෙන බව ද හෙතෙම කීවේය.
දිවුරුම් දීමේ උත්සවය ඉතා චාම් සහ අඩු වියදමින් කරන්නැයි ද ඉම්රාන් ඛාන් ඉල්ලා ඇති බව ද ෆවාඩ් කීය. "විදේශිකයන් කිසිවකුටත් ආරාධනා කරන්නේ නැහැ. එසේ වුණත් ඉම්රාන් ඛාගේ සමීපතම් විදෙස් මිතුරන් කිහිපදෙනකුට ආරාධනා කරනවා. මෙය සම්පුර්ණයෙන්ම ජාතික උත්සවයක්" ෆවාඩ් කීවේය.