ඇමරිකාවේ දීර්ඝ කාලින සෙනෙට් සභිකයෙකු හා හිටපු ජනපති අපේක්ෂකයෙකුවූ ජෝන් මැකේන් වයස 81 දී පිළිකා රෝගයෙන් මියගියේය.
යුද හමුදා වීරයකු වන ජෝන් මැකේන් දශක තුනක්
කොන්ග්‍රසය නියෝජනය කළ අයෙකු වන අතර  2008 වසරේදී ජනාධිපති තනතුර සඳහා රිපබ්ලිකන් පක්ෂයේ නාමයෝජනා ලබා ගැනීමට සමත් විය. වියට්නාම් යුද්ධයේ සිරකරුවෙකු ලෙස අවුරුදු පහක් ජීවත් වූ ඔහු පසුගිය කාලයේ ට්‍රම්ප් පාලනය දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

මැකේන් හට 2017 ජූලි මාසයේ මොළේ පිළිකා තත්වයක් ඇති බවට අනාවරණය විය. ඔහුගේ රුධිර කැටියක් ඉවත් කිරීම සඳහා කළ ස්කෑන් පරීක්ෂණයකදී මෙම පිළිකා තත්වය සොයාගෙන තිබුණි.අවසන් කාලයේ ඔහු ගමන් කළේ රෝද පුටුවෙනි.
ඇමරිකානු දේශපාලනයේ පෙරළිකාර චරිතයක්වූ ජෝන් මැකේන්ගේ අභාවය ලෝකයේම අවධානයට ලක්වූ පුවතක් බවට පත්ව ඇත.