වකුගඩු රෝගීන් පරීක්ෂාව සම්බන්ධයෙන් උතුරුමැද පළාතේ මෙතෙක් කර ඇති පර්යේෂණවලින් හඳුනාගත් වකුගඩු රෝගීන්ගෙන් සියයට පනහක්ම වකුගඩු රෝගීන් නොවන බව දෙවැනුව හඳුනාගෙන ඇතැයිද මෙයට හේතු ඒ සඳහා යොදාගත් යන්ත්‍ර චීනයේම නිෂ්පාදනය කළ ඒවා වීම යැයිද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ලිඛිතව දැනුම් දී තිබේ.
ජූලි මස 7 වැනි දින යොමු කරන ලද ලිපියකින් වෛද්‍යවර මේ බව දැනුම් දී තිබේ. එම ලිපියේ සඳහන් කරුණු සත්‍ය නම් පළාත් වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් එය බරපතළ ප්‍රකාශයක් බැවින් වහාම අදාළ සමාගම් ජීව වෛද්‍ය ඉන්ජිනේරුවන් හා වෛද්‍යවරුන්ද ඒවා ආනයනයට කටයුතු කළ
වසර දෙකක් තිස්සේ ජීව රසායන විශ්ලේශක යන්ත්‍රයක් මිලදී ගැනීමේදී තෝරාගත යුතු මාදිලිය සම්බන්ධයෙන් අවුලක පැටලී සිටින මිලදී ගැනීම් කමිටුවට තීරණයක් ගැනීම වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරයා මෙම ලිපිය යොමුකර කියා ඇත්තේ තමා යුරෝපයේ නිෂ්පාදිත යන්ත්‍රයක් මිලදී ගැනීමට යෝජනා කරන බවකි. චීන යන්ත්‍රවලින් මෙතෙක් කර ඇති මූලික පරීක්ෂණවලින් රෝගීන් මානසික කඩා වැටීමකට ලක්වන බවත් පර්යේෂවලින් සියයට පනහක් සාවද්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන අතර තමා මෙම කරුණ දක්වන්නේ කිසිදු වෙළෙඳ සමාගමකට පක්ෂව නොවන බවද ලිපියේ දක්වා ඇත.
එම ලිපිය අභියෝගයට ලක්රන වෛද්‍ය ධම්මික ද සිල්වා මහතා ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර මහතාට දක්වා ඇත්තේ රජයේ රෝහල් රසායනාගාරවල භාවිත වන සියලු යන්ත්‍රවලින් සියයට හැත්තෑපහක්ම චීනයේ නිෂ්පාදනය කරන ලද යන්ත්‍ර බවත් ඒ අනුව එම රසායනාගාරවල කර ඇති පර්යේෂණ හා
වෙනත් රෝග පරීක්ෂාවන්ද රෝගීන් හා ප්‍රජාව සම්බන්ධයෙන්ද පවතින බරපතළ අවදානමට වගඋත්තර බැදීම සඳහා වහා නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටින සැලසුම් වෛද්‍ය නිලධාරීවරයා දැනට ඇති සියලු යන්ත්‍රවල නිවැරැදිභාවය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රතිඵල නැවත පරීක්ෂාව හා මෙතෙක් කර ඇති ගණන් බැලීම වහා නිවැරැදි කිරීම යන කරුණු ගැන කඩිනම් පියවරක් ගන්නා ලෙසද සිය ලිපියෙන් ඉල්ලා ඇත.
මේ අනුව මේ දක්වා උතුරු පළාතෙන් නිකුත් කර ඇති වකුගඩු රෝග සංඛ්‍ය ලේඛන ආදී තොරතුරු සියල්ල පිළිගත නොහැකි තත්ත්වයකට පත්ව තිබු බව සෞඛ්‍ය අංශ සැක පළ කරයි.එයට හේතුව භාවිත කරන යන්ත්‍ර චීනයේ නිෂ්පාදිත ඒවා වීමයි. එමෙන්ම ජනතාවට සෞඛ්‍ය බලධාරින් මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව ඔවුහු කියති. කෙසේ වෙතත් චීන යන්ත්‍ර ප්‍රමිතියෙන් බාල බවට ලෝකඑ සෞඛ්‍ය සංවිධානය හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමිතිය සහතික කරන ආයතන මේ දක්වා කිසිවිටක වාර්තා කර නැතැයිද පළාත් සෞඛ්‍ය සැලසුම් ඒකකයේ වෛද්‍යවරු කියති.