කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්රදේශයේ කුඹුරු යායක තිබී අවුරුදු 18ත් - 20ත් අතර වයසේ පසුවන තරුණියකගේ මළසිරුරක් ඊයේ (29දා) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පැවැසීය. කුඹුරුයායක ඇළ
මාර්ගයේ තිබී සොයාගත් මළසිරුර අසල තිබී යතුරුපැදි යතුරක්,
මෙම මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය කොටගෙන ඇති අතර මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළසිරුර දැක ඇති බව ද පොලිසිය පැවැසීය. පොලිසිය ප්රකාශ කළේ මළසිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කොට සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිලීනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
-ශේෂලා අමරසිංහ-