https://www.gossiplankanews.com/2018/08/kollupitiya-club-dancer-drunken.html
කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නළගනක් එහි ඇතිකරගත් ආරවුලක් සම්බන්ධයෙන් විභාග කිරීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පෙරේදා (30) රාත්‍රියේ ගෙනා අවස්ථාවේ බීමතින් සිටි ඇය පොලිසිය තුළත් කලබල ඇති කර තිබෙන අතර පොලිසියේ විදුරුවලට පහරදී අලාභහානි
සිදුකිරීම නිසා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇය සමාජ ශාලාවේදී පහර කෑමකට ලක්ව කලහකාරී ලෙස හැසිරී තිබෙන අතර පොලිසියට ගෙන ආ අවස්ථාවේ නළගන බිමතින් සිටි බව පරික්ෂණවලින් හෙළිවිණි යැයි කොල්ලුපිටිය පොලිසිය දන්වා ඇත.

සැකකාර නළගන එම සමාජ ශාලාවේ තවත් නළගනන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් පානය කර අරගලයක් ඇතිකරගත් අවස්ථාවේ එහි ආරක්ෂක භටයෙකු විසින් ඇයට පහරදී එළියට දමා ඇත.

එලෙස පහරකා බිම වැටී සිටි මෙම නළගන ගැන පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් අැය කොල්ලුපිටිය පොලිස් ස්ථානයට රැගෙන විත් ඇත. මේ අවස්ථාවේ ආවේශයෙන් මෙන් කටයුතු කර ඇති නළඟන පොලිස් ස්ථානයේ වීදුරුවලට පහරදී අලාබහානි සිදුකර කලහකාරි ලෙස හැසිරී තිබේ. මේ නිසා ඇය අත්අඩංගුවට ගන්නට සිදුව තිබේ.

නළඟනට පහරදී තුවාල සිදුකිරිම සමිබන්ධයෙන් එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක භටයා ද ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ නළඟන කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.