වෛද්‍ය සභාව හරහා රටේ ජනතාවට විශාල සේවයක් කිරීමට සැලසුම් කළද, සභාවේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය නිසා එය ඉටුකර ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සදහන් කළේය.
සභා ආඥා පනත වසර 60කට වඩා පැරණි එකක් බවත්, එය වර්තමානයට ගැළපෙන ලෙස සකස් කළ යුතු වුවද එම කටයුතුවලට සමහර සාමාජිකයන් සහයෝගය නොදැක්වූ බවත් ඔහු පවසා සිටියේය.
තමාගේ ඉල්ලා අස්වීම සැලකිල්ලට ගෙන හෝ එය සිදු වේ යැයි සිතන බවත්,
වෛද්‍ය සභාව රැස්වුවද සමහර සාමාජිකයන් නිෂ්ඵල දේවල් සාකච්ඡා කරමින් තර්ක විතර්ක කරමින් කාලය කා දමන බවත්, මෙම සිදුවීම නිසා තමා කලකිරීමට පත්ව සිටි බවත් සිදු කළ විමසීමකදී හිටපු සභාපති කොල්වින් ගුණරත්න මහතා පවසා සිටියේය.
තමන් රාජ්‍ය සේවයට ඇතුළත් වී වසර 40ක් ගත වී තිබෙන අතර, එම කාලය තුළ තනතුරු රාශියක කටයුතු කළ බවත්, කිසිදා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමක් සිදු නොවුනු බවත් ඔහු කියා සිටියේය.
එහෙත් වෛද්‍ය සභාව හරහා ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට උත්සාහ කළද, එය සිදු කිරීමට නොහැකි නිසා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
ජුලී 31 වැනිදා කොල්වින් ගුණරත්න මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.