රාත්‍රී කාලයේ සැකකරුවන්ට අයත් කාරයකින් ජංගම සංචාරයේ යෙදෙමින් නිවෙස්වලට ඇතුළු වී මුදල් දේපළ සොරාගන්නා සිවුදෙනෙකු රන් භාණ්ඩ තොගයක් සමගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය, මීරිගම මීගමුව හා ගලේවල ආදී ප්‍රදේශවල සැකකරුවන් සිවුදෙනෙකු එසේ අත්අඩංගුවට පත්ව තිබිණි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් දෙදෙනකු යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්වූ අයෙකු බවත් තවත් අයෙකු සේවයට වාර්තා නොකර
සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ තමන් මෙම සොරකම් සියල්ල රාත්‍රී 11.10 සිට අලුයම 2.10 දක්වා කාලය තුළ පමණක් සිදුකරන බවයි. ඕනෑම වයසක පුද්ගලයින් එම කාලසීමාවේදී තද නින්දේ පසුවන හෙයින් ඒ හැර අන් කිසිදු වේලාවක සොරකම් සිදුනොකරන බවද සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව හෙළි විය. රන්භාණ්ඩ අලව්ව, පස්යාල, මීගමුව, කොස්වත්ත ආදී ප්‍රදේශවල උකස් හා විකුණා තිබියදී සොයාගෙන තිබී ඇති අතර, ඒවා කුලියාපිටිය ගලගෙදර අතුරුගිරිය, දඹදෙණිය, පල්ලෙවෙල ආදී ප්‍රදේශවලින් සොරාගෙන තිබිණි.
මෙම සංචාරක හොරකම දිවුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ හිමිකරුවකු අනෙක් තරුණයින්ද යොදාගෙන යෙදුන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. සැකකරුවන් මෝටර් රථය හා රන් භාණ්ඩ සමගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
-ඊ.ඇම්.සෝමසිරි-