හෙට්ටිපොළ පදිංචි 62 හැවිරිදි පුද්ගලයකු බවද
මලයාසියාවේ ආයතනවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පැමිණිලි 10ක් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ද, තවත් පැමිණිලි 10ක් නාරම්මල පොලිසියේ ද ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරු හිමිනමක සමඟ එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් වංචා කර ඇති බවත් ඇතැමුන්ගෙන් මූලික ගෙවීම වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාලයට ගෙවීමට යැයි පවසමින් රුපියල් 50,000, 100,000 අතර මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි. පිරිසගෙන් මුදල් ලබාගෙන සැගව සිටි මෙම සැකකරුට පැමිණිලිකරුවන් පිරිසක් මුදල් දීමට යැයි පවසා උපක්‍රමශීලීව ඔහුව කොඕපඤ්ඤවීදිය ප්‍රදේශයට ගෙන්වාගෙන පොලිසියට බාරදී තිබුණි.
සැකකරුට මුදල් වංචාව සඳහා ආධාර අනුබල ලබාදුන් බව කියන බලපිටිය විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.