දාහතර හැවිරිදි පාසල් සිසුවියක් වූ තම දියණිය හෘදයාබාධයකින් මිය ගියාට පසු දැරීයගේ දේහය මැල්සිරිපුර පදිංචි නිවෙසට රැගෙන ආ අවස්ථාවේ එයින් කම්පාවට පත් වූ මව ද
මිය යෑමේ සිද්ධියක් ගොකරැල්ල පොලිස් වසමෙන් වාර්තා විය. 
මියගිය දැරිය මැල්සිරිපුර මැදමුල්ල  මහ විදුහලේ 8 වසරේ ඉගෙනුම ලැබූ අතර දැනට අවුරුදු එකහමාරකට පෙර ක්ලාන්තය සෑදී රෝහල් ගත කිරීමේන් පසු පරීක්ෂා කළ වෛද්‍යවරයා දැරිය හෘද රෝගයකින් පෙළී ඇති බවට

අනාවරණය කරගෙන තිබේ. මියගිය දැරියගේ මව කලක සිට හතිය වැනි රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවැත්වූ මරණ පක්‍ෂණයේදී ලැබුණු සාක්කිවලින් අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ මැල්සිරිපුර බෝගහපිටිය පදිංචි එච්.ඩී. අනූෂා දමයන්ති කුමාරි (34) සහ පී. නෙත්මි නිශාදි පෙරේරා නමැති මව සහ දියණියකි. මියගිය මව හා දියණියගේ මරණ පරීක්‍ෂණයේදී ලැබුණු සාක්කි අනුව දෙදෙනාම හෘද රෝගයකින් පෙළී ඇති බව අනාවරණය වූ අතර මවගේ මරණය සිදුවූ ආකාරය වැඩිදුර විමර්ශන කරන්නට නියම විය.
මරණය සම්බන්ධයෙන් ලැබුණු සාක්කි, වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂක ඩී.එම්.එස්.කේ. දහනායක මහතා දැරියගේ මරණය හෘදයාබාධයකින් සිදුවූ බවටත් මවගේ මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ප්‍රකාශ කළේය.

-විජේසිංහ වැලිකන්ද-