කොළඹ - කොටුව සිට ඊයේ (06දා) ප.ව. 4.35ට මහනුවර බලා ධාවනය වූ අංක 35 දරන ශීඝ්‍රගාමී දුම්රියට පිටුපසින් පැමිණි අංක 164 දරන රඹුක්කාන බලවේග දුම්රිය ගැටීම නිසා මගීන් තිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතරින් බරපතළ තත්වයේ පසුවූ පස්
දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත. ඒ අතර කාන්තාවන් 2ක් හා පිරිමි 3ක් සිටි බව වාර්තාවේ.
මහනුවර බලා ධාවනය වූ ශිඝ්‍රගාමී දුම්රිය ඒ වන විට කාර්මික දෝෂයකට ලක්ව එම මාර්ගයේ නැවැතී තිබූ දුම්රික් නියාමකවරයාගේ උපදෙස් මත ඉදිරියට තල්ලු කරගෙන ගොස් පානළිය
මේ අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකට බරපතළ හානි සිදුවී ඇති බැවින් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගනය අඩාල වී තිබේ. දුම්රිය අනතුරින් තුවාල ලැබූ 32ක් රඹුක්කන, පොල්ගහවෙල හා කෑගල්ල රෝහලට ඇතුළත් කොට ඇති අතර එක් අයකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් ඊයේ රාත්‍රී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මේ දුම්රිය අනතුර නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකකට අධික අලාභයක් සිදුවී ඇති බවට විශ්වාස කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. අංක 35 දරන කොළඹ - නුවර දුම්රියේ ගාඩ් පෙට්ටියටද, රඹුක්කන කොළඹ දුම්රිය එන්ජිමට ද වැඩි වශයෙන් හානි සිදුවී තිබේ. මහනුවර දුම්රියේ මැද පෙට්ටියක් පීලි පැන ඇති අතර කොළඹ - නුවර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.
සංඥා වැරදි ලෙස තේරුම් ගැනීම මේ අනතුරට හේතු වී ඇතැයි සැක කෙරේ. තුවාල ලත් අයගෙන් 12 දෙනකු රඹුක්කන රෝහලටද, 3 දෙනකු කෑගල්ල රෝහලටද, 17 දෙනකු පොල්ගහවෙල රෝහලට හා ඉන් 8 දෙනකු කුරුණෑගල රෝහලටද, ඇතුළත් කොට ඇත.
-උපතිස්ස පෙරේරා-