ළාත් සභා මැතිවරණ ක්‍රමය නව ඡන්ද ක්‍රමයට පැවැත්වීම සඳහා වන සීමා නීර්ණ වාර්තාව පාරිලිමේන්තුවේදී ඊයේ ඡන්දය දුන් සියලු දෙනාම විරුද්ධවී පරාජයට පත්විය. වාර්තාව ගෙනා අමාත්‍ය ෆයිසර් මුස්තාපාද විරුද්ධව ඡන්දය දීම විශේසිතය.
සීමා නිර්ණය වාරිතාවට විරුද්ධව ඡන්ද 139ක් ලැබුණු අතර, පක්ෂව එකම ඡන්දයක් හෝ නොලැබිම විශේෂත්වයකි

එක්සත් ජාතික පක්ෂයේ,

ඒකාබද්ධ විපක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවෙන් ඉවත්ව ගිය අතර, වාර්තාව සභා ගත කළ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පමණක් සභාවේ රැඳී සිටිමින් සිමා නිර්ණ වාරිකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
සීමා නිර්ණ වාර්තාව පිළිබඳව පක්ෂව දිගින් දිගටම අදහස් ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුචේන් මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව ගොසි තිබුණි.
රාවුෆ් හකීම්, මනෝ ගනේන් පී. දිගම්බරන් යන ඇමැතිවරු සීමා නිර්ණය වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද ඡන්දය විමසන අවස්ථාවේම සභාවේ නොසිටියේය.
මේ අතර  විවාදය අවසන්වී  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පළාත් සභා ඡන්දය ඉක්මනින් ලබාදෙන ලෙස සටන් පාඨ දක්වා සිටියහ.