එකිනෙක ගැටී තිබේ.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද ඇණ හිට ඇතැයි දුම්රිය පාලක මණ්ඩලය කියයි.
සෙංකඩගල මැණිකේ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වීමෙන් පසු පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටී ඇති බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළේය.
මේ වන විට 32 දෙනෙකු රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර තව දුරටත් තුවාලකරුවන් රෝහල් ගත කෙරෙන බවත් දැන ගන්නට ලැබී ඇත.