පොලිස් වසමේ කිරීගල
සිඟිති දියණියට මවගේ අඩුව නොදැනෙන ලෙස ඇයගේ ආච්චි අම්මාත් පියාත් නිරතුරු කටයුතු කරමින් සිටී. මේ අතර පසුගිය දිනෙක දියණියගේ මව ආච්චි අම්මාට හා දියණියට එක්තරා ස්ථානයකට එන ලෙස දන්වා සිටි අතර සිගිත්තියගේ මානසිකත්වය වටහාගත් ආච්චි අම්මා සිගිත්තිය සමඟ අදාළ ස්ථානයට ගොස් තිබේ. එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. මව තම දියණියගේ පංචායුධය හා කරාබු යුගල ගලවාගෙන දියණිය හඬද්දීම වහා එතැනින් පිටව ගොස් ඇත.
මේ සිද්ධිය වී පසුදින පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට අදාළ සිගිති දියණිය සමඟ ඇගේ පවුලේ වැඩිහිටියන් බදුරලිය පොලිසියට ගොස් තිබේ. මුල සිට සිද්ධිය අසා සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ස්ථීසාර තීන්දුවකට එළැඹ තිබේ. එනම් සිගිති දියණියගේ මානසිකත්වය ඔසවා තැබීමට ඇයට කරාබු දෙකක් හා සෙල්ම් බඩු ලබාදීමටයි.පසු දිනම යළි සිගිති දියණියව පොලිසියට කැඳවූ ඇය තම පෞද්ගලික මුදලින් වටිනා කරාබු දෙකක් හා සෙල්ලම් බඩු පිරිනැමීම සිදු කළාය. මේ උතුම් කටයුත්ත සිදු කළේ බදුරලිය පොලිසියේ කා.පො.කො. යමුනා (8331) මහත්මියයි
-සිරි ගමඇතිගේ-