අක්ෂර සහිත ලේඛනයක්ද දැකිය හැකිය. මෙම පූර්ව බ්‍රාහ්මී අක්ෂර අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් වන බවට සැක කරන පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ මෙහි අනෙක් සඳකඩ පහන් සේ සත්ත්ව රූප පෙන්නුම් නොකරන බවයි.
මෙම සඳකඩ පහණ මතුව ඇත්තේ
අඩි 5ක් පමණ දිග, අඩි 3 ක් පමණ පළලින් යුත් මෙම අපූරු සඳකඩ පහණ දුටුගැමුණු කතා පුවතට සම්බන්ධ විජිතපුර බලකොටුව යැයි පුරා විද්‍යාඥයන් හඳුනා ගත් පොළොන්නරුව ගොවිපළ සමීපයේ පිහිටීමද විශේෂිතය. කෙසේ වෙතත් මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතාගෙන් අප විමසීමක් කළෙමු.
"පොළොන්නරුව කදුරුවෙල හතර ඇළ මාර්ගයේ එම ප්‍රදේශයට පානීය ජලය සැපයීමට එළන ජල නළ පද්ධතියක් සඳහා බැකෝ යන්ත්‍රයකින් කාණුවක් කපමින් සිටින විට සඳකඩ පහණක් මතු වූ බවට පුරාවිද්‍යා නිලධාරීන් මට වාර්තා කළා. මේ පිළිබඳව විශේෂඥයන්ගෙන් විමසා ඔවුන්ගේ අධීක්ෂණයකින් පසු
තමයි යම් කරුණක් පැවසිය හැකිවන්නේ.
-ප්‍රියන්ත බණ්ඩාර-