ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පුත් රහුල් ගාන්දි මේ වනවිට ආන්දෝලනාත්මක පුවත්මවන්නෙකු බවට පත්ව ඇති බවට
විදෙස් පුවත් අනාවරණය කරයි.

පසුගිය කාලයේ ඉන්දියාවේදී තම පරම්පරාව ගැන විවේචනාත්මක අදහස් දැක්වූ ඔහු ඊයේ එංගලන්තයේ කළ දෙදින සංචාරය අතරතුර එරට මාධ්‍යවේදීන් අමතා පවසා ඇත්තේ තම වාසගමින් තමාව මිනුම් නොකරන ලෙසයි.
‘මං මේ වනවිට වසර 15 ක් පමණ දේශපාලනයේ නිරතවී තිබෙනවා. මගේ වාසගමින් යුතුව ඉන්දීය දේශපාලනයේ යෙදුණ අයගේ කෝණයෙන් බලා මාව අගයකිරීම හෝ විවේචනය කිරීම මට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉන්දියාවේදීත් මං ගාන්ධිවරුන් කළ දේවල් සාධාරණ විවේචනයන්ට බඳුන් කළ කෙනෙක් මේ නිසා මා දෙස බලන්න මං කරන දේවල් බලන්න ඒ අනුව මාව විනිශ්චය කරන්න ‘ ඔහු පවසා ඇත.